Friday, October 21, 2011

දුමින්දගේ අලුත්ම තත්වය (10/21)

රෝහලට යනවිට දුමින්ද ගියේ චුවින්ගම් හප හප
ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා රෝහලට ගෙනයන විට සිහිය තිබූ බව ඔහුගේ පෞද්ගලක ආරක්‍ෂක හිටපු කොමාන්ඩෝ සෙබලෙකු වන මංජුල ප‍්‍රසාද් හෙට්ටි ආරච්චි ඊයේ (20) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සාක්‍ෂි දෙමින් පැවසීය.

ලේ තැවරී තිබු මුහුණේ ලේ පිස දැමීමේදී  තුවාල නොතිබූ බවත් ඔහුට සිහිය ඇති බව දැනගත්තේ ඔහු කටේ තිබූ චුවින්ගම් එක හැපූ නිසා බව ද ප්‍රසාද් හෙට්ටිආරච්චි සාක්ෂි දෙමින් පවසා ඇත.නමුත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියදුරු ලබාදුන් සාක්ෂිය මේ වන විට වෙනස් වී ඇත.


කලින් වෙඩි වදින දුටු බව පැවසු ඔහු ඊයේ දිනයේ කියා සිටියේ දුමින්ද සිල්වා වෙඩි තබනු දුටුබවත් නමුත් ඒවා භාරත ප්‍රේමචන්ද්‍ර මහතාට වැදුණු බව නුදුටු බවයි.

පරස්පර විරෝධී සාක්ෂි
මේ අතර දුමින්ද පාර්ශ්වයෙන් ඉදිරිපත්කල සාක්ෂිකරුවන් පරකාෂකරන්නේ දුමින්ද වාහනයෙන් බස ගියේ කිසිවෙකුට වෙඩි නොතබන ලෙස නියෝග දෙමින් බවයි.ඒ අනුව භාරත ලස්ඛ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පාර්ශවයෙන් ඔවුන්ට මුලින් වෙඩි පහර එල්ල වී ඇත.


භාරත ලක්ෂ්මන් මහතාගේ පාර්ශවයේ සාක්ෂි වලින් කියවෙන්නේ ඔවුන් සතුව ආයුධ තිබුනේ එක අයෙක් ළඟ පමණක් බවත් මුලින් වෙඩි පහර එල්ල වුයේ දුමින්ද සිල්වාගේ පාර්ශවයෙනුත් බවයි.

පොලිස් ලොක්කොත් දුමින්ද එක්ක
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සමග පැමිණි රථ පෙලේ නුගේගොඩ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා හා මුල්ලේරියාවේ ස්ථානාධිපති නාලක ගුණසේකර මහතා සිටි බව ඊයේ දිනයේ අධිකරණයේ ලබාදුන් සාක්ෂිවලින් හෙළි වුනා.ඒ අනුව සිද්ධිය වන අවස්ථාවේ ඔවුන්ද එතන රැඳී සිට තිබෙනවා.


මෙය හෙළිවීමත් සමග දේශබන්දු තෙන්නකෝන් මහතා අනුරාධපුර ප්‍රදේශයට හදිසි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.


10/20 07:00 Am

දුමින්ද "අම්මා" කියා ලියයි
පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා දැඩි සත්කාර ඒකකයේ සිට ස්නායු ශල්‍ය ඒකකයේ දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති අතර මන්ත්‍රීවරයාගේ ශරීරයේ එක අර්ධයක් පන නැතිවී ඇති බව වාර්තා වේ.



මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදු කල පරීක්ෂණ වලදී දකුණතින් "අම්මා" යනුවෙන් කොලයක ලිවීමට මන්ත්‍රීවරයා සමත්වී ඇත.

10/19 07:28 Am
දුමින්දගේ රෝගී තත්වය සැක සහිතයි - භාරතගේ ඥාතීන් කියයි
ඊයේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඥාතීන් විසින් පැවැත්වූ විශේෂ මාධ්‍යය හමුවේදී භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ සොහොයුරිය වන ස්වර්ණා ගුණතිලක හා සොහොයුරා වන අසේල ප්‍රේමචන්ද්‍ර මහතා ප්‍රකාශකරේ දුමින්දගේ රෝගී තත්වය සැක සහිත බවයි. 


මෙයට දින කිහිපයකට පෙර ඔහු‍ගේ ජීවිතයට 80%ක අනතුරක් ඇතැයි කියවුනද අද වනවිට ඔහුට ඝන ආහාර ලබාදෙන බවට වාර්තා වූ බවයි. එමෙන්ම ඉදිරියේදී ඔහු ලංකාවෙන් පිටවී ඇවිදින්නත් පටන්ගනු ඇතැයිද ඔහු එහිදී සැක පහළ කර සිටියේය. 

එමෙන්ම වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් මෙවන් ප්‍රශ්නයක් සිදුවූ විට නිල ප්‍රකාශ සිදුකරන බවත් පවත්නා තත්වය තුළ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ රෝගී තත්ත්වය බොරුවක් බවට බරපතළ සැකයක් තමන්ට ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

10/18 07:09 Am
දුමින්දට ඝන ආහාර
මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ඝන ආහාර ලබාදීම ආරම්භ කොට තිබෙනවා.ඒ අනුව ඔහුට යෝගට් ආහාරයට ගැනීමට ලබාදී තිබෙනවා.


දුමින්ද සිල්වා බැලීමට සිංගප්පුරුවේ සිට පැමිණි වෛද්‍ය නිකොලස් තෝමස් මහතා ප්‍රකාශකොට ඇත්තේ දුමින්ද සිල්වා මහතාට ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ලබා දී ඇති ප්‍රතිකාර ලෝකයේ අංක එකේ ප්‍රතිකාර බවය.එම වෛද්‍යවරුන්ගේ නිගමනය මත දුමින්ද සිල්වා සිංගප්පුරුව බලා ගෙනයාම තීරණය වේ.

දුමින්දගෙන් දැන්ම කටඋත්තර ගන්න බැහැ
ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍යය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා අද මාධ්‍යයට ප්‍රකාශකොට තිබුනේ කාරනා දෙකක් උඩ මන්ත්‍රීවරයාගෙන්
උත්තරයක් ගැනීමට නොහැකි බවයි.

ඒ මන්ත්‍රීවරයා දැනට සිටින අසාධ්‍යය තත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගෙන් කට උත්තරයක් ගැනීමට කතානායකගෙන් අවසර ගැනීමට අවශ්‍යය බව පවසමින්.


දුමින්දගේ මොලයට ලොකු හානියක් නැහැ
දුමින්දගේ හිසට වැදුණු වෙඩි පහරවල් නිසා බරපතල හානියක් මොලයට සිදුව නැතැයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි පහරවල් දෙකක් එල්ලවී ඇති අතර එක වෙඩි පහරක් නළලින් ඇතුල් වී ඔලුව පිටුපසින් ඉවත්වී ගොස් ඇත.

අනෙක්පසින් ඇතුළුවූ උණ්ඩයේ කැබලි තවමත් සුෂුම්නාව සම්බන්ධවන ස්ථානය ආසන්නයේ ඉතිරිව ඇත.මෙම කරුණ නිසා අනාගතයේ මන්ත්‍රීවරයාට බරපතල හිසේ රුදාවක් ඇතිවියහැකි බව වෛද්‍යවරු මත පළකරනවා.

දුමින්ද සිල්වාගේ සිහිය පිලිබඳ සිදුකල පරීක්ෂණ වලදී උපදෙස්වලට ප්‍රතිචාර දැක්වීම,වාක්‍ය ඛණ්ඩ වලට ප්‍රතිචාර දැක්වීම යහපත් මට්ටමක පැවතියත් ගැඹුරු වේදනාවක් දැනිමේදී ප්‍රතිචාර දැක්වීම ඉතා අඩු බව වෛද්‍යවරු සොයාගෙන තිබෙනවා.

දුමින්ද බැලීමට ගියාට ගෝඨා
සෝලංගආරච්චිට හේතු කියයි
මිය ගිය භාරත ප්‍රේමචන්ද්‍ර බැලීමට නොගොස් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා බැලීමට යෑම ගැන ආරක්ෂක ලේකම්වරයාට ආණ්ඩුවේම ජෙෂ්ඨයන්ගේ අප්‍රසාදය පලවිය.පසුගිය ඉරිදා සිළුමිණ පුවත්පතේ සඳහන්වන පරිදි එම රෝහලට බැලීමට යෑම පිලිබඳ ආරක්ෂක ලේකම්තුමා සෝලංගආරච්චි මහතාට කරුණු පැහැදිලිකර තිබුනේ මෙසේය

“ප්‍රසන්න ඔයා දන්නවද කොළඹ ඇතැම් ස්ථාන සංවර්ධනය කරන්ඩ ඉවත් කරන කොට මට ලොකු විරෝධයක් ආවා. එතකොට වතුවලට මාත් එක්ක යන්න හිටියේ දුමින්ද. 

අනවසර ඉදිකිරීම් කඩන කොට හිටියේ දුමින්ද. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුව වෙනුවෙන් මිනිස්සු 5000 ක් ගේන්න කීවත් ඉන්නේ දුමින්ද. ඒවා මට අමතක කරන්ඩ බැහැ. එයා ලෙඩ වුණා ම රෝහලට ගියේ ඒකයි.
අපි කවුරුත් මනුෂ්‍යයෝ නේද. ඒක වැරදි දෙයක්ද. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා සිටියේ ය.
දෙමටගොඩ කුඩු චමින්ද ඝාතනයේ තතු හෙළි කරයි
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ දෙමටගොඩ කුඩු චමින්ද දුමින්ද සිල්වා සමග සිටි පාතාල කල්ලියට නායකත්වය දුන් පාතාල ප්‍රබලයා බවත් භාරත ලක්ෂ්මන් මහතාට "වෙඩි තියල ඉවරයක් කරපන් ඕකව" යනුවෙන් විධාන දී ඇත්තේ ඔහු විසින් බවද මේවනවිට පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.එහිදී වෙඩි තැබීමට භාවිතා කල T56 ගිනි අවියක් හා රිවෝල්වරයක් රාජගිරිය ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන ඇත.

ඔහුගේ ප්‍රකාශයට අනුව භාරත හා දුමින්ද අතින් පයින් ගහගත් බවත් භාරත බිම වැටෙනවිට ඔහුගේ ආරක්ෂකයින් දුමින්ද මන්ත්‍රීවරයා සිටි දෙසට වෙඩි තැබූ බවත් එම නිසා ඔහු වෙඩි තැබීම සිදුකල බවත් සඳහන්කොට තිබෙනවා.දෙමටගොඩ චමින්ද මුලින්ම පොලිසියට කොටුවී ඇත්තේ රුපියල් 750 ක කොන්ත්‍රාත්තුවකට බස්රථ රියදුරෙක් මැරීමේ වරදටය.ලියන්න කියවන්න බැරි මොහු ඉන්දියාවට ගොස් ඇත්තේ සෆ්රාස් නමැති ඔහුගේ සගයෙකු සමගිනි.

දුමින්දට ප්‍රතිකාර කරන්න
සිංගප්පූරුවෙන් වෛද්‍යවරු ගෙන්වයි
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ප්‍රතිකාර ලබාදීම සඳහා සිංගප්පුරුවට ගෙනයාමට අවසර නොලැබුන හෙයින් සිංගප්පූරුවේ සිටින ඇමෙරිකානු ස්‌නායු ශල්‍ය වෛද්‍යවරු දෙදෙනකු දුමින්ද සිල්වා මහතාට විශේෂ ප්‍රතිකාර කිරීම සඳහා පැමිණීමට නියමිතය.

කොළොඹ කුඩු හිඟයක්
භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය පිලිබඳ පොලිස් පරීක්ෂණ පැවැත්වෙන හෙයින් පාතාල ප්‍රබලයන් කොළොඹ අතහැර පලායැමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල හෙරොයින් මත් කුඩු හිඟයක්‌ මතුවී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

අදාළ පාතාල ප්‍රබලයින් පැනයාමත් සමග මත්කුඩු බෙදාහැරීමේ ජාලය බිඳීයාම නිසා කොළඹ මත්කුඩු අලෙවි ජාලයේ කේන්ද්‍රස්‌ථාන වෙත මත්කුඩු ලබාගැනීමට පැමිණෙන හෙරොයින් ලෝලින් නොසන්සුන්තාවකට පත්ව සිටින අයුරුද පොලිසිය නිරීක්ෂණය කොට ඇත

සෝලංගආරච්චිගෙන් දුමින්දට එරෙහිව පැමිණිල්ලක්
පසුගිය 31 දා ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පැමිණිල්ලක්‌ කරමින් ගොතටුව ප්‍රදේශයේ ඒ මහතා සංවිධානය කර තිබූ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ගේ සුහද හමුවක්‌ වෙත පැමිණ ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස රැස්‌වීම නොපවත්වන ලෙස තර්ජනය කර ඇති බවට පැමිණිල්ලක් ගොනුකොට ඇති අතර ඒ පිලිබඳ මේ වනවිට පුළුල් පරීක්ෂණ ආරම්භකොට ඇත.

වෙනස් වන දුමින්දගේ විකිපීඩියා පිටුව
අන්තර්ජාලයේ ඕනෑම කෙනෙකුට තොරතුරු ඇතුලත් කිරීමේ හා වෙනස් කිරීමේ හැකියාවක් ඇති විකිපීඩියා අඩවියෙහි දුමින්ද සිල්වාගේ ඇති තොරතුරු මේ වන විට විවිධ පුද්ගලයින් විසින් වෙනස්කම් වලට ලක් කරමින් සිටි.

එය එක් අවස්ථාවකදී දැක්වූ තොරතුරු පහතින් බලන්න


වෙඩි තැබීම ආරම්භ කලේ දුමින්ද සිල්වා - භාරතගේ රියදුරු සාක්ෂි දෙයි
වෙඩි තැබීම ආරම්භ කරන ලද්දේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා විසින් බව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියදුරු රහස් පොලිසියට ප්‍රකාශකොට ඇත.ඔහුගේ ප්‍රකාශයේ සඳහන්වූ දෑ පහත වේ.


















වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙක් ඉන්දියාවෙන් අල්ලයි
මුල්ලේරියාවේ වෙඩි තැබීමට සක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව ඇති අතර අද දහවල් වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ඔවුන් ගෙන්වා ගන්නා බව වාර්තා වේ.


දුමින්ද ඇස් අරියි : නමටත් ප්‍රතිචාර දක්වයි
අද වන විට දුමින්ද සිල්වා මහතාට සම්බන්ධ කර තිබූ ශ්වසන ආධාරක යන්ත්‍ර ඉවත් කර ඇති අතර ඔහු තනිව ශ්වසනය කරමින් සිටින බවද වාර්තාවේ.


ඊයේ පෙරවරුවේ දෙනෙත් විවර කර පියවි සිහි තත්ත්වයට පත්වෙමින් සිටි දුමින්ද සිල්වා "දුමින්ද" යනුවෙන් ආමන්ත්‍රණය කරන විට ඊට ප්‍රතිචාර දැක්‌වීමට උත්සාහ දරා ඇත.

මෙම තත්වය ක්ෂණිකව වෙනස්වීමේ අවධානමක් පවතින බවද වාර්තා වේ.

දුමින්දගේ තත්වය හමුවේ ඔහුගේ පවුලේ ඥාතින් විසින් ඔහුව සිංගප්පුරුවේ රෝහලක් වෙත ගෙන යාමට අවසර ඉලා ඇතිමුත් වෛද්‍යවරුන් එය ප්‍රතික්ෂේපකොට ඇත්තේ මාස තුනක් යනතෙක්වත් ඔහුව ඇඳෙන් සෙලවීම පවා අහිතකර බව පවසමින්.

ඝාතකයෝ ආරක්ෂක අමාත්‍යාංශයට යාකරලා හිටපු අය - සරත් ෆොන්සේකා
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරහි සුදු කොඩි නඩුව කොළඹ මහාධිකරණයේදි ඊයේ දිනයේදී විභාග වූ අතර එයට පැමිණි අවස්ථාවේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ මරණය ගැනද අදහස් දැක්වීමට ඔහු අමතක කලේ නැහැ

"භාරත ලක්ෂ්මන්ගේ අභාවය ගැන ශෝකය ප්‍රකාශ කරනවා. ඝාතකයෝ ඔක්කෝම ආරක්ෂක අමාත්‍යාංශයට යාකරලා හිටපු අය. එහෙනම් මේකට වගකියන්න ඕනේ කවුද? මේ රටේ දැන් තියෙන්නේ ඛේදනීය සමාජයීය හා දේශපාලන ක්‍රමයක්"

එහි වීඩියෝව පහතින්



භාරතගේ ඝාතනයට ආණ්ඩුවට විරෝධය
යේ දිනයේදී පවතී භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවමගුල් උත්සවයේදී අදහස් දැක්වූ මුල්ලේරියාව ජනතාව ප්‍රකාශකොට සිටියේ මෙම ඝාතනයේ වගකීම ආණ්ඩුව විසින් බාරගත යුතු බවයි.
ඔවුන්ගේ අදහස් වලට පහතින් සවන් දෙන්න


දුමින්දට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද?

මුල්ලේරියාවේ ඇතිවූ ගැටුම ආරම්භ වුයේ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා විසින් බව කරනලද පරීක්ෂණවලින් මේවන විට හෙළිදරව් වී තිබෙනවා.මේ පිලිබඳ බි.බි.සි සංදේශයට කරුණු පැහැදිලිකල පොලිස් මාධ්‍ය ප්‍රකාශක මැක්සි ප්‍රොක්ටර් මහතා.


මේ වෙඩි තැබීමට සම්බන්ධ බවට පොලිසියට ලබා දුන් කට උත්තර වලත් මාධ්‍යයට ලබාදුන් ප්‍රකාශ වලත් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සම්බන්ධව බව වාර්තා වෙලා තියෙනවා.දැන් ඔහු අත්අඩංගුවට ගැනීමේ බලාපොරොත්තුවක් පොලිසියේ තියෙනවද?

මැක්සි ප්‍රොක්ටර් මහතා : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වලින් පසුව තමයි මට ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්න පුළුවන්.

මැක්සි ප්‍රොක්ටර් මහතා සහ බිබිසි අතර ඇතිවූ සම්පුර්ණ සංවාදය පහතින් අහන්න 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by CD NETWORKS | Bloggerized by CD