Monday, October 10, 2011

භාරත ඝාතනය ගැන සාක්‍ෂි කැඳවීම 20 දා


වැල්ලම්පිටියේදී ගිනි අවිවලින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතන තුනක් සිදු කිරීම, වෙඩිතබා තුවාල සිදුකර මිනී මැරීමට උත්සාහ කිරීම සම්බ්නධයෙන් වැල්ලම්පිටියෙන් ලැබුනු තොරතුරකට අනුව පොලිස් පරීක්‍ෂණ නාලක ගුණසේකර මහතා කරන ලද පරීක්‍ෂණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම අද (10) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී සිදු කෙරුණි.

එම සිද්ධියේදී හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍ර හා ජනාධිපති වෘත්තීයසමිති අධ්‍යක්‍ෂක ජනරාල් භාරත ලක්‍ෂන් පේ්‍්‍රමචන්‍ද්‍ර, ඛනිජතෙල් සංවර්ධන ඒකකයේ නිලධාරී ජයතිලක සමරනායක හා එම සිද්ධියවූ අවස්ථාවේ ඒ අසලින් ගමන් කළ ජෙලඞීන් මොහොමඞ් හසීම් යන තිදෙනා ජීවිතක්‍ෂයට පත්වූ බව ද මෙහිදී හෙලි විය.

සිද්ධියට අදාල සැකකරුවන්ට දණ්ඩනීති සංග‍්‍රහයේ 296 වගන්තිය හා 1996 අංක 22 තුවක්කු සංශෝධන පනතේ 44 (අ) (ඈ) චෝදනාවලට අනු නඩු පැවරීමට නියමිතය.

පේ්‍්‍රමචන්‍ද්‍ර මහතාගේ මරණය බහුවිවිධ අවිවලින් සිදු කෙරුණු තුවාලවලින් සිදුවූවක් බව වණවාරහික පීඨයේ වෛi රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් සාක්‍ෂි කැඳවීම ලබන 20 වැනිදාට මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by CD NETWORKS | Bloggerized by CD