Monday, October 10, 2011

මධූ කොළඹ 9ට එයි


ජනප‍්‍රිය ගායක මධුමාධව ඇරවින්ද කොළඹ මහනගරසභාවට තේරී පත්වී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවෙන් තරග වැදුණුඔහු නමවැනි ස්ථානයට තේරීපත්වී සිටී.

මධුමාධව ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 5,405 කි.

එසේම නිවේදකයකු හා නළුවෙකුවන සුදත් අප්පුහාමිකෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ ලයිස්තුවේපළමු ස්ථානයට පත්ව ඇත.

ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද ගණන 4753 කි. මේදිනවල විකාශය වන චාතුර්යා 2 ටෙලිනාට්‍යයේ ඔහුරියදුරෙකුගේ භූමිකාව ර`ගයි.
මේ අතර දිගු කලක් තිස්සේ ජනපතිවරණය ඇතුළු මැතිවරණ ගණනාවකට තරග වැදී ජයගැනීමට අපොහොසත් වූවික‍්‍රමබාහු කරුණාරත්න මහතා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට තේරී පත්ව සිටී.

ඔහු එම නගරසභාවට තේරීපත්වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණෙනි.

ඔහු ලබා ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 2,171 කි.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by CD NETWORKS | Bloggerized by CD