Monday, October 10, 2011

මාමා මැරූ බෑනාට වසර දෙකක සිර දඬුවමක්


බහින්බස් වීමකට පසුව මාමණ්ඩියට පිහියෙන් ඇනමොරටුවේ දී මරා දැමූ බෑණා අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසුව පාණදුර පළාත්බද මහාධිකරණ විනිසුරුඅමල් තිලකරත්න මහතා අවුරුදු දෙකක සිර දඬුවමක් සහරුපියල් දහදාහක දඩයක් නියම කළේය.

සැකකරුට මෙලෙස ලිහිල් දඬුවමක් නියමකරනු ලැබුවේ ඔහුඅනියම් මිනීමැරුමක් සිදු කිරීමේ අධිචෝදනාව සම්බන්ධයෙන්වරද පිළිගැනීම හා පෙර වැරැදි නිසා බව විනිසුරුවරයාපැවසීය.

මොරටුවේ පදිංචි පත්තිනි හේවාගේ උපුල් ප‍්‍රියන්ත සිල්වානැමැත්තෙකුට මෙලෙෂ සිර දඬුවම් නියම විය.

ඔහු අධිචෝදනා ලබා සිටියේ වර්ෂ 2003. 09. 26 දින ඔහුගේ මාමණ්ඩිය වූ ඇම්. විල්බට් ප‍්‍රනාන්දු නැමැත්තාට පිහියකින්ඇන මරා දැමීම සම්බන්ධයෙනි.
පිහි පහරවල් අටක් මරණකරුගේ ශරීරයේ තිබූ බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වී තිබිණි.

රජයේ නීතිඥ රංග බණ්ඩාර මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by CD NETWORKS | Bloggerized by CD