මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන්කිසිවෙකුත් එම ස්ථානයේ නොසිටි බවට රහස් පොලිස්පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙන බව ආණ්ඩුවේ 'දිනමිණ'පුවත්පත අද (11) වාර්තා කර තිබේ.
සිද්ධිය වෙන අවස්ථාවේ පොලිසිය එම ස්ථානයේ සිට එමගැටුම නැවැත්වීමට පියවර නොගත් බවට ඇතැම් පුද්ගලයන්කරන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව මෙම පරීක්ෂණවලින්මේ වනවිට හෙළි වී ඇතැයිද එම වාර්තාවේ සදහන්වේ.

එසේ, මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී පොලිස්නිලධාරීන් කිසිවෙකුත් එම ස්ථානයේ නොසිටි බව අවධාරණයකරන 'දිනමිණ' පුවත්පත, මෙම සිද්ධියෙන් තුවාල ලැබූපොලිස් නිලධාරීන් දෙදෙනෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එම පොලිස් නිලධාරින් දෙදෙනා මන්ත්‍රීවරුන්ගේආරක්ෂාවට සිටි අය බවත් එහිම වාර්තාවක සදහන් කර තිබේ.
රහස් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතාගේ උපදෙස් මත රහස් පොලීසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සිදුවේ.
දිණමින වාර්තා දෙක පහත දැක්වේ
සිද්ධිය වූ තැන පොලිස් නිලධාරීන් සිට නැහැ
රහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වෙයි
විජයානි එදිරිසිංහ
මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන් කිසිවෙකුත් එම ස්ථානයේ නොසිටි බවට රහස් පොලිස්පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
සිද්ධිය වෙන අවස්ථාවේ පොලිසිය එම ස්ථානයේ සිට එම ගැටුම නැවැත්වීමට පියවර නොගත් බවට ඇතැම් පුද්ගලයන්කරන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව මෙම පරීක්ෂණවලින් මේ වනවිට හෙළි වී ඇත. සිද්ධියෙන් තුවාල ලබා සිටිනපොලිසියේ දෙදෙනා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටි අයයි.
ගැටුමට අදාළ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතීව නිවැරැදිව දැඩි සැළකිල්ලකින් යුතුව කරුණු පුළුල් ලෙස සොයා බලනමෙන් පොලිස්පති ඇන්.කේ. ඉලංගකෝන් මහතා රහස් පොලීසියට දැනුම් දී තිබේ.
එම ස්ථානයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සහ සිද්ධිය වීමට පෙර දින සිට සිදුවූ සිදුවීම් පිළිබඳ වැදගත් තොරතුරුරැසක් රහස් පොලීසිය මගින් සොයාගෙන තිබේ.
මෙහිදී ඇතැම් පුද්ගලයන් විසින් අසත්‍ය තොරතුරුද ගෙනහැර දක්වා තිබේ. මේ නිසා රහස් පොලීසිය දැඩිසැළකිල්ලකින් යුතුව පරීක්ෂණ මෙහෙයවයි.
සිද්ධියෙන් මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආරක්ෂක නිලධාරීන්ගෙන්දපාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂක නිලධාරීන්ගෙන්ද තුවාල ලැබූ සෙසු පිරිසගෙන්ද කට උත්තරලබාගෙන ඇත.
ඔවුන්ගේ ඇඟිලි සළකුණුද ලබාගෙන තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තැබුවේ කවුද? දුමින්ද සිල්වා මහතාට වෙඩි තැබුවේ කවුද ? කාගේ ගිනිඅවිවලින්ද ? යන්නට අදාළ වැදගත් තොරතුරු රැසක් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.
මේ අතර එම ස්ථානයේදී වාහනවලට ගිනි තැබීම ඇතුළු අලාභ හානි කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලැබී ඇත.ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය බලාපොරොත්තු වෙයි.
මේ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ දුමින්ද සිල්වා මහතා රැගත් වාහන සිද්ධිය වූ ස්ථානය කරා ගෙනවිත්මෙම ගැටුම ඇති කිරීමට යම් පිරිසකගේ සැලසුමක් තිබුණ ද යන්න හෙළිකර ගැනීමටද පරීක්ෂණ පවත්වන නිලධාරීන්අවධානය යොමුකර තිබේ.
රහස් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතාගේ උපදෙස් මත රහස් පොලීසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ සිදුවෙයි.
ස්වාධීන පරීක්‍ෂණයකට රජයෙන් උපදෙස්
පුද්ගලයන් 37කගෙන් ප‍්‍රශ්න කරලා
චන්ද්‍රිකා පෙරේරා
වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතැළු සිව්දෙනකුඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් ස්වයංක‍්‍රිය ගිනිඅවි 14ක් හා එක් සැකකරුවකු ඊයේ (10) දහවල් රහස් පොලිසියමගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ රහසිගත ස්ථානයක සඟවා තිබී ඇති අත්අඩංගුවට ගත් අවි අතර ටී 56 ගිනි අවි දෙකක් හාපිස්තෝල 12ක් ද රිදී පැහැති ජීව උණ්ඩ දෙකක් ද තිබෙන බව රහස් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට හඳුනාගෙන ඇති බව ද කීය.
ඔවුන් අත්අංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය විශේෂ කණ්ඩායම් හයක් යොදවා තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීනපරීක්‍ෂණයක් පවත්වන ලෙස පොලිසියට උපදෙස් දී තිබෙන බව රජය පවසයි.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 37 දෙනෙකුගේ සාක්ෂි රහස් පොලිසිය මගින් ලබාගෙන තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැති ඉකුත් 08දා සවස 3.30ට පමණ මේ ඝාතන සිදුවිය . එහිදී මුල්ලේරියාව හිඹුටාන පාරේදී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ කණ්ඩායම් දෙක අතර ඇති වූගැටුමේ දී ඇති වූ වෙඩි ප‍්‍රහාරවලින් එදිනම පේ‍්‍රමචන්ද්‍ර මහතා හා ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක් මිය ගිය අතර ඊයේ (10) උදේ තවත් අයෙක් ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබති. සිද්ධියේදී වෙඩි වැදී බරපතළ තුවාල ලැබූදුමින්ද සිල්වා මහතා ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.

2:58 AM
Gossip News

0 comments:
Post a Comment