රූපලාවන්‍යාගාර වෙත පැමිණෙන සේවාදායකයින්ට ලබා දෙන යම් ප්‍රතිකර්ම වලදී මුහුණේ හෝ ශරීරයේ යම් ස්ථානයක ආලේප කරන ක්‍රීම් වර්ග මඟින් කැසීමක්, පලු දැමීමක්, සමේ පැහැයේ යම් වෙනසක් සිදුවුවහොත් විනාඩි 20ක් ඇතුළත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දිවයින පුරා පිහිටි රූපලාවන්‍යාගාර වෙත දැනුම්දී තිබෙනවා
දිවයිනේ සියලු රූපලාවන්‍යාගාර පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය විසින් ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර රූපලාවන්‍යාගාරවල භාවිත කරන විලවුන් සහ උපකරණ මෙරට ලියාපදිංචි කර තිබෙන සුදුසු තත්ත්වයේ පවතින ඒවාද යන්නත් කල් ඉකුත්වී ඇති විලවුන් භාවිතා කිරීමත් සහ රූපලාවන්‍යාගාරවල සේවය කරන්නන් පුළුල් දැනුමක් සහිත් සුදුසුකම් සහිත අයද යන්න පිළිබඳවත් එහිදී සොයා බැලීමටත් එහිදී නියමිතයි.
පසුගියදා මීගමුව ප්‍රදේශයේ ගුරුවරියක් රූපලාවන්‍යාගාරයකදී ප්‍රතිකාර ලබන අතරතුර රසායන විෂවී මිය ගිය අතර හිසකෙස් ඩයි කිරීමට ගොස් ක්ලාන්තවී රෝහල් ගතකළ අකුරැස්ස අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශිකාවක් පසුව මාතර රෝහලේදී මිය ගියේ පසුගිය මාර්තු මාසයේදී.
යොවුන් ගායක ගායක කසුන් කල්හාරගේ මව වන ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල මහත්මිය මිය ගියේද හිසකෙස් ඩයි කිරීමට ගොස් ක්ලාන්තවී නානකාමරයේ ඇදවැටීම හේතුවෙන්.
මීට පෙර මහවැලි අධිකාරී මූලස්ථානයේ පරිගණක වැඩසටහන් සම්පාදකවරියක් විසින් කිරුළපන ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයකින් මූහුණ ක්ලිනප් කිරීමෙන් පසු මුහුණ විකෘති වූ බව සඳහන් කරමින් එම රූපලවන්‍ය ආයතනයකට එරෙහිව කර ගොනු කර තිබූ පැමිණිලක් කොළඔ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාග වුනේ පසුගිය මාසයේදී.
මෙලෙස රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ පිළිබඳ යම් අපහසුතාවයකට පත්වූ අයෙක් වේනම් විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ ෆැක්ස් අංකය 011 2689704 නැතහොත් 0112695173/ 0112698896 සහ 0112698897 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා.



8:25 AM
Gossip News


0 comments:
Post a Comment