Tuesday, October 25, 2011

ලංකාවේ රොබින්හුඩ් නොහොත් මරදන්කඩවල යකඩයා දැයෙන් සමුගනී

දිර්ඝායුෂ ලබාදුන් යන්ත්‍රයක් සහ මන්ත්‍ර පොත් ජනපතිට ලබා දෙයි 

සාංචි ආරච්චිගේ ජිනදාස නොහොත් මරදන්කඩවල යකඩයා අවරුදු 108 ක් ආයු වළඳා පසුගිය 09 වනදා දැයෙන් සමුගත්තේය. 


"මරදන්කඩවල යකඩයා" යන අන්වර්ථ නාමය පටබැඳී ඇත්තේ ඔහු සතුවූ අපුර්ව කාය ශක්තිය හේතුවෙනි. මරදන්කඩවල යකඩයා ප්‍රසිද්ධියට පත්වුයේ ඔහුගේ තුරුණු වියේදී ඔහු විසින් සිදුකරන ලද ක්‍රියා හේතුවෙනි.

කිසිවිටකත් අසාධාරණයේදී හිස නොනැමූ මරදන්කඩවල යකඩයා එම ක්‍රියා තුලින් ලංකාවේ රොබින්හුඩ් කෙනෙකු බවට පත්විය. 

මරදන්කඩවල තැපැල් කන්තෝරුවේ තැපැල් මහතාඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී පෝරකයට නියම වුවත් එම දඬුවම ජිවිතාත්නතය දක්වා සිර දඬුවමක් බවට දඬුවම ලිහිල්විය.නමුත් හොඳ කල්ක්‍රියා වෙන් සිරගෙදර දිවි ගෙවීම නිසා 1968 දී පොදු සමාව යටතේ නිදහස් වීමට යකඩයා අවකාශය ලද්දේ ය.

ඔහු පවසන පරිදි, ඔහුගේ අසහාය කාය බලය හා දිගු දිවියෙහි රහස වනුයේ ශාකවර්ග පමණක් ආහාරයට ගැනීමත් හා සුචරිතවත් දිවි පැවැත්මයි. ඔහු භාවිතා කරන සැරයටිය, ඔහුට වඩා වයසින් බාලයෙකුට එසවීමට පවා අසීරු එකකි.


යුද්ධය ඇරඹි සමයේදී නොයෙකුත් දේශපාලන පක්ෂවලින් විවිධ මත දැරුවද යකඩයා සිටියේ එකම මතයකය.මේ යකඩයාගේ එම උතුම් බලාපොරොත්තුව කැටිවූ වදනුයි. 

"මගේ එකම ආසාව සාමය ඇතිවෙනවට.අඟලක් හරි බෙදෙනවට මම සතුටු නැහැ සිංහල මුස්ලිම් දෙමල ඔක්කොම නෑදැයෝ.." 


ඔහු මෙම මතය හිටපු ජනාධිපතින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට පවසන්න බලාපොරොත්තු වුවත් ඔහුට එයට අවස්තාවක් ලැබුනේ නැහැ.නමුත් 2008 වසරේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීමට ඔහුට අවස්ථාව උදා විය.


එහිදී ඔහු ජනාධිපතිවරයා අමතමින් කියුවේ මෙවැන්නක් 
“මට පේනවා ඔබතුමා මේ රට නිදහස් කර ගන්නවා. මේක බොහොම හොඳට සාර්ථක වෙනවා. ඔබතුමා දැන්ම ඡන්දයකට යන්න එපා.

ඡන්දයෙන් වෙන්නේ මිනිස්සු ඇන කොටා ගන්න එක විතරයි. මං භාවනා කරන කොට දැනෙනවා ඔබතුමාට ලොකු ශක්තියක් තියෙනවා. මමත් ඔබතුමාට ආශිර්වාද කරනවා” 

ඉන්පසු ඔහු ජනාධිපතිතුමා ඇත තැබුවේ තම දීර්ඝ දිවිපවත්මට ඉවහල්වූ බලගතු යන්ත්‍රයකුත් හා මන්ත්‍ර පොත් දෙකකි.ඒවා දෙමින් යකඩයා ජනාධිපතිට පැවසුවේ "මේවා දැන් මට වැඩිය ඔබතුමාට ඕන කරනවා" යනුවෙනි.


ඔහුගේ කතාව අවසානයේ ජනාධිපතිවරයා විසින් ඔහුගේ ගම්පලාත වන අනුරාධපුර ප්‍රදේශයේ ඔහුට නිවසක් තනාදීමට කැමැත්ත පලකලත් ඔහු එයට කැමතිවුයේ නැහැ.

කිසිවෙකුත් නැති යකඩයා මුල්ලේරියාව මානසික රොහලේදි ඉකුත් 09 දා මිය ගියේය. සිරුර භාර ගැනීමට කිසිදු ඥාතියකු ඉදිරිපත් නොවූ නිසා අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන ලදී.


යකඩයා මිය ගියත් යකඩයාගේ ජිවිත කතාව දැනටමත් ඉතිහාසයේ බොහෝදෙනෙකුට මතක හිටින පරිද්දෙන් ලියවී ඇත.

යකඩයා ජනපති හමුවූ අවස්ථාව


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by CD NETWORKS | Bloggerized by CD