Saturday, October 22, 2011

පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් දේශපාලනයට නොපැමිණි අනර්කලී

පසුගියදා ලංකාදීප පුවත්පතේ රසවින්දන අතිරේකයේ සාකච්චාවකට එක්වෙමින් දකුණු පළාත් සභා මන්ත්‍රී අනර්කලී ආකර්ෂා මෙනෙවිය ප්‍රකාශකොට ඇත්තේ පෞද්ගලික ලාභ උදෙසා තමන් දේශපාලනයට නොපැමිණි බවයි.

ඇය ඒ බව පැහැදිලි කර ඇත්තේ මෙසේය. 

"මම අනිත් අය වගේ නොවෙයි. සමහර අයට මෙය අදාල ඇති. නමුත් මම මේ ස්ථාවරයේ නොවන නිසා මට මේ ගැන කතා කරන්න අයිතියක් නැහැ. 


අපේ පවුල්වල අය දේශපාලනය කළේ පෞද්ගලික දේපල මහජන යහපතට ලබාදීලා. උදාහරණයක් විදියට නාවලපිටිය ජාතික ක‍්‍රීඩාංගනය වූ ආර්.ඊ. ජයතිලක ක‍්‍රීඩාංගනය සඳහා ඉඩම ලබාදුන්නේ මගේ සීයා වන ආර්.ඊ. ජයතිලක මැතිතුමයි.

මම දේශපාලනයට පැමිණියේ ජනතාව වෙනුවෙන්. මගේ අරමුණ කලාව සහ දේශපාලනය යන ක්ෂේත‍්‍ර දෙක තුළ සමබර පැවැත්මක් ගෙන යෑමයි."



 


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by CD NETWORKS | Bloggerized by CD