Monday, October 24, 2011

මේකද පොලිස්පතිතුමාගේ මහජන සම්බන්ධතාවය?

රඹුටන් ගෙඩි කැඩීමේ සිද්ධියක් මත පොලිස් අත් අඩංගුවට පත් 16 හැවිරිදි පිරිමි ළමයෙකුගේ තොරතුරු විමසීම සඳහා අධ්‍යාපන නියෝජ්‍යය ඇමති විජිත් විජිතමුනි මහතා ඊයේ බිබිල පොලිසිය වෙත පැමිණියා. 

පොලිසිය මෙම ළමයා අත්අඩංගුවට ගෙන තිබුනේ රුපියල් දෙදහසක වටිනාකමෙන් යුතු රඹුටන් හොරාගත්තයයි ගොනු කල පැමිණිල්ලකට අනුවය. 

එහිදී එම ළමයා වෙනුවෙන් ඇප දීමට තමා ඉදිරිපත් වන බව පැවසූ එතුමා පොලීසියට දොස් පැවරුවේ මෙලෙසින්

"රඹුටන් ගෙඩියක් කැඩුවා කියලා මෙහෙම ලමයෙක් පොලිසියේ තියාගන ඉන්න එක වැරදියි. මේ වෙද්දී මේ ලමයගේ ක්ලාස් ඔක්කොම කට් වෙලා. මම රටේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමති විදිහට ළමයට ඇප දෙන්නම්.


ඔයාලා මේ රටේ ජනාධිපති අපහසුතාවයට පත්කරනවනේ. ලැජ්ජයි, හරිම අවිනීතයි මේ වගේ වැඩ වෙන එක. 
මේ ළමයට පොලිසිය ගැන, රටේ නීතිය ගැන ලොකු වෛරයක් ඇති වෙනවා . මේකද පොලිස්පති තුමාගේ මහජන සම්බන්ඳතාවය? 

ජංගම සේවා තිය තියා කරන්නේ. ඔයාලා වෙන ඇමති කෙනෙක් කිව්වා නම් මීට කලින් වැඩේ කරයි. යකෝ ඒ කාලේ මමත් අඹ ගස් වලට ගල් ගහලා තියනවා, එහෙනම් මම හිරේ ඉන්න ඕනේ"

එම වීඩියෝව පහතින් 




0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by CD NETWORKS | Bloggerized by CD