සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දක්නට ලැබෙන උල්කාපාත වර්ෂාවන්ගෙන් මෙම වර්ශයේ උපරිමය අද පාන්දර දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ. එලෙස පෘතුවියට ඇතුල්වන උල්කාවන් ගිනිගෙන දැවෙන අතර දැවී ඉතිරිවූ උල්කාවක් පොළවට වැටෙන්නේ කලාතුරකින්.
නමුත් පසුගිය දිනක පස්‌වරුවේ මාතලේ විල්ගමුව, මල්ගම්මන ප්‍රදේශයේ නිවාස දෙකකට උල්කාපාත කොටස් වැටී තිබෙනවා. එදින සවස පැවති අධික වර්ෂාවත් සමග අකුණු ගැසීම් අතරතුර තම නිවසේ මිදුලට දීප්තිමත් ගුලියක් වැනි යමක් වැටෙන අයුරු දුටු බවයි නිවෙස් හිමියන් පවසන්නේ.
පසුදින එය නිරීක්‍ෂණය කිරීමේදී මෙම උල්කාපාත කැබලි දුටු බවත් එය සාමාන්‍ය ගල්වලට වඩා අසාමාන්‍ය බරකින් යුතු බවත්, මේ පිළිබඳව කිසිවකුට දැනුම් නොදුන් බවත් නිවෙස් හිමියෝ පවසනවා. මේවා නැරඹීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණි පැමිණි බවත් ඔවුන් පවසනවා.
මෙහි දැක්වෙන්නේ එම උල්කාපාත කොටස් වල ජායාරූපයන්ය



6:05 AM
Gossip News



0 comments:
Post a Comment