විදේශ රටවල කුඩා ප්‍රමාණයේ වෙලඳසල් වල පවා ආරක්ෂිත කැමරා සවිකර තිබෙන නමුත් ලංකාවේ ආරක්ෂිත කැමරා සවිකර තිබෙන්නේ ඉතාමත් සීමිත බැංකු හා වෙළඳසල් ප්‍රමාණයක පමණයි. එලෙස සවිකර තිබූ කැමරා වල සටහන්වු දර්ශන ආධාරයෙන් මෑතකදී සැකකරුවන් හඳුනාගනීමට හැකිවූ අවස්තාවන් කීපයක් මේ.
පසුගිය 17 වෙනිදා ගොඩගම රෙදි වෙලඳසළකට පැමිනි යුවලක් රෙදි සොරකමේ යෙදුන හැටි එහි තිබූ වීඩියෝ කැමරා පද්ධතියේ සටහන්වී තිබුනේ මේ ආකරයටයි
හාලි ඇල නගරයේ වෙළඳසලකට පෙරේදා (24) රාත්‍රියේ ඇතුළුවූ සොර කල්ලියක් එහි වූ මුදල් සොරකම් කරන අයුරු එහි තිබූ වීඩියෝ කැමරා පද්ධතියේ සටහන් වුනේ මේ ආකාරයටයි. පසුව එම වීඩියෝ දර්ශන ආධාරයෙන් සොරෙකු කොටුකරගැනීමට වෙලඳසැල් හිමියා සමත්වුනා. එහිදී දෙදෙනෙකු පලාගිය අතර අල්ලාගත් සැකකරු ලඟ තිබූ සොරකම් කල රුපියල් 50,000/- ක මුදලක්ද හමු වුනා.
පසුගිය පෙබරවාරි මාසයේ ගාල්ල කලුවැල්ලේ සවර්ණාභරන වෙළඳසලකට පැමිනි කාන්තාවක් එහි තිබූ ස්වර්ණාභරණ පෙට්ටියක් සොරකම් කළ අයුරු කැමරා වල සටහන් වුනේ මේ අකාරයටයි
2007 වසරේ මහනුවර සෙලාන් බැංකුවට තැන්පත් කිරීමට කාන්තාවක් විසින් ගෙන ආ ලක්ෂ 15ක පමන මුදලක් පැහැරගන යන අයුරු බැංකු කැමරා පද්ධතියේ සටහන් වුනේ මේ ආකාරයටයි
කොළඹ නගරය ආවරණය වන පරිදි සවිකර ඇති සී.සී.ටී.වී ආරක්ෂක කැමරාවල පටිගත වූ දර්ශනවලට අනුව පසුගියදා මුල්ම අපරාධය කොටුකරගත්තා. පුද්ගලයෙකු යූරෝ 2,000 ක් සහිත තම අත් බෑගය ති‍්‍රරෝද රථයක තබා කොටුව යෝර්ක් වීදියේ පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත‍්‍රයකින් මුදල් ගැනීමට ගිය අවස්ථාවේදී අත්බෑගය රැගෙන පලාගිය ති‍්‍රරෝද රියදුරුගේ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වුනා.
එසේම, පසුගිය ජූලි 01 වැනිදා නාරාහේන්පිට වෙළෙදසැලකින් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු එහි සවිකර තිබූ කැමරා දර්ශන අනුව පරීක්ෂණ සිදුකර අත්අඩංගුවට ගැනීමට හැකි වුනේ එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා වල සටහන් වූ වීඩියෝ දර්ශන වලිනි



10:32 AM
Gossip News


0 comments:
Post a Comment